Monday, April 30, 2012

මැයි දිනය..


මනු ලොවේ දෙවු විමන් තනනට
හෙලූවද ලේ කඳුළු දහදිය..
අමුර්තය තබා දියබින්දකවුව  සුව නොලද
මිනිසුනි අමතකව ගිය කාලයට..

සමරයි මුළු ලෝකයම
එක දිනක් නුඹ නමට..
දහසක් රතු කොඩි රැගෙන
හඬ නගයි උන් නුඹ නමට..
එහෙත්, සොයුර නැගිටින්නයි
අතදුන් එකෙක් නොමැත..
සමරුවද මැයි දිනය
මහම මහා උජාරුවට..