Friday, April 20, 2012

සුමුදු නුඹේ පා යුගලට ..

සුමුදු නුඹේ පා යුගලට
වෙලේ නියර හුරු මදිවට
එදා වගෙම තාමත් මේ
කුඹුරු නුඹ දනියි...

පුංචි කාලේ ගම පුරාම
දුව ඇවිදපු පුංචි කෙල්ල
ගමට සිරිය එදා වගේම
තවම නුඹ තමයි...

වැහි කාලෙක නුඹ ඉන්දු
ලස්සන සුදු අරලිය ගහ
නුඹ අපහු ආබව දැන
රතට මල් දරයි...

සිදාදියේ සුවඳ ඉහන්
ගම පුරාම නුඹ යනකොට
                                                         සමනලයින් නුඹ හඳුනන 
                                                         උන්ට පුරුදු  සුවඳ කොහි සොයයි...

                                                         රට රාජ්ජ තරණය කර
                                                         නුඹ ආවද ගම රට වෙත
                                                         තාමත් නුඹ මට අර
                                                         එදා හිටපු පුංචි කෙල්ලමයි...

                                                        ලජ්ජා උනද පෙරදාමෙන්
                                                        තුරුළු වෙන්න මගේ ලඟට
                                                        ලොවම දන්න නුඹ නොදන්න
                                                        හෙවනැල්ල නුඹේ මං තමයි...

                                                        දහසක් නුඹේ මතක අතරෙ
                                                        තනිවන්නට ඔය පුංචි හිතේ
                                                        හැමදාමත් සිතින් පතන
                                                        නුඹ හඳුනන අයිය මම තමයි...