Friday, May 11, 2012

මගහැරුණු මිනිසුනේ, ලොව රකින දෙවියන්ට..

යුදවදින කුසගින්න නිවා සනසාලන්න
එකම එක දිය බිඳක් පවස සනසාලන්න
දහසකුත් පැතුමන් පන කෙන්ද රැකගන්න
හෙටක් යනු කිමදැයි අමතකව ගිය ජීවිතයට..

හිරුම මිස සඳ නොවැඩි ඉරිතැලුණු මේ බිමට
මරණයේ සුළිසුළඟ සැරිසරන මේ බිමට
සඳු වඩියි මතු දිනක පැතුම් පුරවා ඉන්න
අද දිනද ඇල්වතුර කුසට පුරවාගන්න..

නොපැතුවද යම් දිනක දුර අහස අල්ලන්න
ජීවිතයම පමණක් දෙන්නයැයි හඬ නගන
නැතිය එක මිනිසෙකුදු නුඹේ ඔය හඬ ඇසුන
මගහැරුණු මිනිසුනේ, ලොව රකින දෙවියන්ට..