නාඳුනන සිහිනෙක
වාලුකා කතරෙක
සොයා මග සලකුණු
තෙරක් දකිනට
හඹා නෙක මිරිඟුව
දවා සිත ගත වෙර
පියවරත් ගව්වක
බරක් වූ මොහොතක
අසෙනි වැසි කඩා හැලි
තෙමා ගත සිත
විඩා මකාගනු පෙර
සීතලෙන් දරදඬුවෙන
අරුමයක්මය
විටෙක ගිනියම්වද,
වරෙක සීතලටද,
විඳවනා ජීවිතය..
සැනසුමක් සෙවීමක්
ReplyDeleteහරියට
කණ කැස්බෑවා විය සිදුරින් අහස බලන්නාක් මෙන් නම්
අරුමයක් යැයි හිතනවද
අව්වට පිච්චීමත්
සීතලෙන් විදවීමත්