Tuesday, April 3, 2012

ඉරිතැලුණු යෞවනය...


රතු රෝස මල් නොපිපි,
හැඩකාරකම් නොමැති ,
ලෝකයම මගහැරපු,
ඉරිතැලුණු යෞවනය...

කිරිකෝඩු යයි හැඟුණු,
පිලිණුවූ ආදරය,
ලෝකයම යයි පැතුව,
බල බිඳුණු ජීවිතය...

මිරිගුවක් බැව් දැනම,
මිරිගුවක් ලුහුබැන්ද,
අතරමන් මා සිතට,
සම්පතකි තනිකඩකම..


1 comment: