Wednesday, September 25, 2013

වියපත් ප්‍රාර්ථනාව...










උදා වේ නම් හිමිදිරිය යලි
සිසිලසත් ගෙන පෙරලෙසම, 
දහවලේ හිරු රැසින් කරවුන 
ආත්මයම සනසා පිනි බිඳින් 
ඉඩෝරය නිමා කරනට... 

හැකිනම් අඳුරු රැය වෙනුවට 
මිහිරි හිමිදිරිය ගන්නට, 
දුකක් නැත සින්න වූවද 
හති දමන ආත්මය... 
දුකක් නැත අහිමි වූවද 
තනාගත් ලෝකය... 
යන්න හැකිනම් බාලවිය වෙත 
අත් හරිමි ලෝකයම මම... 

Monday, September 23, 2013

"බැඳීම් මහ කරදරයක්"

"බැඳීම් මහ කරදරයක්" 
බැඳුනු උන් කෑගසති.. 
අමතක ලෙසින් අතීතය 
බැඳීම් ඉහලින් පැතුව, 
තනිකම පාපයක් යැයි 
ලෝකෙටම දෙස් තැබුව..

හෙම්බත්ව බැඳීම් මැද
උන් නගන විලාපය, 
තනිකඩ ලොවක් ගැන 
උන් මවන සිහින කඳ,  
කියාදෙයි ලෝකයට 
බැඳීම්වල අනියත බව... 



Tuesday, September 17, 2013

වෛශ්‍යාවකට පෙම් කරමි...











හමාර විට වසන්තය 
දුර නොදැන ඉගිල ගිය 
වැළපෙනා ගැහැණු සිත
යදියි එක් හදවතක් 
සින්නකරට ලැගුම් ගන්නට....

නොයිදුල් කඳුළු වල 
වංකකම් එපා වුනු තැන,
සියලු රොන් උරා බී 
හමාරකල මලක් ලෙස, 
ලෝකයෙන් නෙරපා හැරිය 
වෛශ්‍යාවකට පෙම් කරමි,
දැන දැනම අවාරෙක නොපිපි මල
සුවඳ බව හැමට පෙර....

Sunday, September 15, 2013

අතීතාවර්ජන!!!

 නුඹේ අන්තිම මැසේජයෙන් වසරකට පසු සටහන් තබමි!!!

ගොඩක් ඈතයි හිතපු මතකය..
නොදන්වාවිත් පාරන කලට හද...
දුර කොයිතරම් උවද අප මැද..
එන්න හිතුනා ලොවම අතහැර...

මේ මුළු අවුරුද්දෙම කළා වගේ ඔයා මේ මැසේජ් එකත් කියවාවි..එත් රිප්ලයි එකක් එවන්නේ නැත්තේ ඇයි කියල මන් තියා ඔයාවත් නොදන්නවා ඇති ...

"happy to know that you're still there..i thought you're not using this profile now" 

මේ ඔයාගෙන් ආපු අන්තිම මැසේජ් එක...

9/22, 9:48pm
You
man hodatama adala dan aharune

9/22, 9:49pm
Me 
apoi..babek welane..dan digatama gedarata welada inne??

කොයි තරම් ඈත් වෙන්න හිතුවත් මගෙන් , මීට අවුරුදු 4කට කලින් මන් ඔයාව දැක්ක වෙලේ ඇතිවෙච්චි ආදරය එහෙම්මමයි..තාමත්!!!

Thursday, September 5, 2013

දුරක ගිය අතීතය!!!












   

                                
ළඟක සිටියානම් නුඹ - කියනු ඇත ලොවටම 
නුඹට මා බැඳී පෙම - අදින් දස වසක සිට 
නිසැක නුඹ විඳින බව - මා ද විඳවන දුක   
බිඳක්වත් අඩු නැතිව - උවද ඔහු නුඹ ළඟ... 

පුදුම නැත මට තව 
ප්‍රේමයක්  නොලැබුන එක, 
විසල්ය ඒ තරමට 
නුඹෙන් හිස්වූ හිත 
වසනු බැරි තරමට 
කාගෙවත් පෙමකට... 

අඩු වුනත් විරහව - කාලයේ පහස යට  
පාරන්න තව වරක්  සිත - තත් දරයි ලෝකය 
උන් ලියති විවරණ - මගේ වර්තමානය ගැන 
අමතක ලෙසින් අතීතය - ආදරය මා වෙත වුන... 


Thursday, August 29, 2013

විදා හැර පෙති හිනැහියන්...

දගකාරකම් අමතක ලෙසින් අද 
ඇයි මේ තරම් සබකෝලකම්? 
විකසිත වෙන්න නිමේෂයයි තව 
මල් කැකුල, අහසක ඉඩ අරන්...

හැරෙනු බැහැ දැන් ආයේ යන්නට 
ඇවිත් අපි දුර ඒ තරම් 
ඈතකින් හිඳ සිනාසෙනු කීම 
බැඳුනු අප අද රන් හුයෙන්... 

සිව්වසක පෙම මල් දරන දින 
නුඹ මගේ ළඟ කුලුඳුලෙන් 
මේ මගුල් රැය අඳුරු නෑ තව 
විදා හැර පෙති හිනැහියන්...



Sunday, August 25, 2013

අහපන් හිතුවක්කාර හිත...











යලිත් පෙම් නොකරමියි 

සපථ කරගත් සිත..
යලිත් වෙර දරයි 
ලැගුම් දෙනු පිණිස 
කාගේ කවුරුන්ද නොදත් 
කෝඩුකාර මලකට.. 

මගෙන් නාසා පෙරත් 
නුඹ කලේ මේකම,
වරක් නොව සිව්වරක් 
උරුම විය විරහව... 

ඉවසමි එහෙත් මේ වර 
තනිව ඉන්නවට බැරි නිසාවෙන්,
මට නොවෙයි නුඹ හට.. 
උරුම වූවොත් පෙර දුක 
එලවා දමමි නුඹ 
මගෙන් දුර ඈතට...