Monday, September 23, 2013

"බැඳීම් මහ කරදරයක්"

"බැඳීම් මහ කරදරයක්" 
බැඳුනු උන් කෑගසති.. 
අමතක ලෙසින් අතීතය 
බැඳීම් ඉහලින් පැතුව, 
තනිකම පාපයක් යැයි 
ලෝකෙටම දෙස් තැබුව..

හෙම්බත්ව බැඳීම් මැද
උන් නගන විලාපය, 
තනිකඩ ලොවක් ගැන 
උන් මවන සිහින කඳ,  
කියාදෙයි ලෝකයට 
බැඳීම්වල අනියත බව... 



2 comments:

  1. නියමයි!!!!


    බැඳුනෝද
    නොබැඳුනෝද
    හඬයි....ඉකිගසයි...
    බැඳීමේ
    අරුත් වැල්
    එහේ මෙහේ
    පෙරලමින්..............

    ReplyDelete