Thursday, August 29, 2013

විදා හැර පෙති හිනැහියන්...

දගකාරකම් අමතක ලෙසින් අද 
ඇයි මේ තරම් සබකෝලකම්? 
විකසිත වෙන්න නිමේෂයයි තව 
මල් කැකුල, අහසක ඉඩ අරන්...

හැරෙනු බැහැ දැන් ආයේ යන්නට 
ඇවිත් අපි දුර ඒ තරම් 
ඈතකින් හිඳ සිනාසෙනු කීම 
බැඳුනු අප අද රන් හුයෙන්... 

සිව්වසක පෙම මල් දරන දින 
නුඹ මගේ ළඟ කුලුඳුලෙන් 
මේ මගුල් රැය අඳුරු නෑ තව 
විදා හැර පෙති හිනැහියන්...



4 comments:

  1. හැමදාමත් ව‍‍ගේ ලස්සණ යි! දිගු කාලයක් තිස්සේ ආද‍රේ කරන ‍‍කෙනා එක්ක විවාහ ‍‍‍වෙන්න ලැ‍‍බෙන එක වාසනාවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරෝ!!

      Delete
  2. ^උඩ ඉන්න කෙනා කිව්ව කතාව ඇත්ත.. :D

    ReplyDelete
  3. අනිවා සහෝදරයා!!

    ReplyDelete