Tuesday, June 24, 2014

නුඹ මැකී යනවානම් සිතින්...

අවසානයක් පේන මානෙක නැති 
ආරම්භයක් ගැන හිතන්නත් බැරි 
පාලු අඳුරු මගක අතරමං වූ කල 
ගරා වැටි බිත්තියක් ලඟට වී 
වෙර දැරීමි සිහි කරන්නට 

යන්තම් මතකයි නුඹ සිටිය ළඟ 
මේ පාලු මග යන්න සිතු දින 
අත් අල්ලන් ඇවිද නාවත් 
මේ මග යන්නැයි කීවේ නුඹ වග 

කුමට දෙවරක් සිතම්ද?
අපායක් හමුවුවත් අවසන 
විඳින්නට වෙන දුක, නුඹ නිසා විට 
ගමන් ඇරඹුවෙමි පාලු මග දිග 

ආවත් ගව් සියක් දුර මම 
නොදිටුවෙමි අවසනක්නම් තව 
කොඳුරනු ඇසෙයි සිහිනයෙන් මෙන් නුඹ 
"කව්ද ඔය මග යන්න කීවේ නුඹට?"
මෝඩයිද නුඹ ඔය තරමටම 
වංකගිරියකට පය තියන්නට...

5 comments:

  1. එහෙම තමයි චාමර...

    ජීවිතේ අරමුණක් වෙනුවෙන් අපි ඕනෙම දෙයක් කැප කරන්න සූදානම්.. ගොඩක් විට ප්‍රේමයේ දී ඒක එහෙමම තමයි...

    අඩවිය අගෙයි. කවි නම් නියමයි... දිගට ම එන්නම්කෝ...........

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි බොහොමත්ම... ඒ වගේම සාදරෙන් පිලිගන්නවා...

      Delete
  2. දැන් ඉතින් කවුරු මොන කිවුවත් පය තියලා ඉවරයිනේ.. ඒ තීරණ වෙනස් කරන්න බැහැ..

    ReplyDelete
  3. පදවැල් ටික නං අපූරුයි..
    මේ පැත්තට අද තමා ගොඩ වුණේ..

    ReplyDelete