Wednesday, June 25, 2014

වෙරළක ගායනාව..

අඳුර එක්ක වෙරළට රොක් වෙන 
සිය දහසක් මිනිස්සු 
බලා සුසුම්ලති, 
"අනේ මටත් වෙරලක් වෙන්න තිබුණා නම්" 
සුන්දර සයුරු රළට ලෝභයෙන් 
විඩින් විඩ එන මද නලට ප්‍රේමයෙන්.. 

දන්නවානම් ඒ සොඳුරු රළ, මද නල 
මේ වෙරළ රිදවන තරම් 
සත්තමයි ඔය එකෙක්වත් නැහැ කිසි 
පතන්නේ වෙරළක් වනු රිසින්.. 

චණ්ඩ රළ ළඟ, සුළි සුළං මැද 
පැනයන්න බැරි හැංගෙන්න බැරි 
වෙර විඳවන හැටි ඉතිං 
කොහොම කියලා දෙම්ද නුඹලට 
වසන්තයේ සවසක ඇවිත්..

මෝසම් කාලෙක අඳුරු සවසක 
නොසැඟවී පැල්පත් තුල ඉතින් 
බලා ඉඳපන් මේ වෙරළටම විත්
මේ සිනිදු වැලි විඳවන තරම්..
යන්න කලියෙන් කියා පලයං 
"අනේ මටත් වෙරලක් වෙන්න තිබුණා නම්" ලෙසින්....

2 comments:

  1. එතකොට කියයි අනේ මටත් රළක් වෙන්න තිබුණා නම් කියලා....

    ReplyDelete
  2. හොදයි... අලුත් අර්ථයක්..

    ReplyDelete