Monday, June 30, 2014

මහා හයියෙන් කියන්න පුළුවන් නම්...

මහා හයියෙන් කියන්න පුළුවන් නම්
මුළු ලෝකෙටම ඇහෙන්න
බැමි බිඳින්නට නොව
බඳින්නට මං වෙහෙසුණු බව
වෛර නොකරාවි ලෝකෙම
මේ කරන තරමට

ඒ හඬින් නුඹේ ලොව
සුනු විසුනු වනු හැකි කල
කෙලස කෑ ගසමිද
නුඹට රිදවනු බැරි මම

අසරණකමේ අරුතක්
නුඹට වැටහුණු දින
යලි කියවන්න මේ කව
දැනේවී නුඹට මා අද
විඳවන තරම් නුඹ ගැන...

2 comments:

  1. කවිය අගෙයි........... සුන්දර පදවැලක්... හැබැයි වේදනාවක්....

    ReplyDelete
    Replies
    1. ඔව්... වේදනාත්මක මොහොතක් ගැන ලියවුන එකක්..

      Delete