Tuesday, May 27, 2014

සමුගනිමි නුඹෙන්...

නුඹේ එකම එක ඇරයුමකට
සියවරක් නුඹ ලගට දිව එන්නට තරම්
මේ අකීකරු හිත පොරබදින බව ඇත්ත,


නුඹේ ඔය හිනාවට 
ආත්මයම බැඳී ලෝහ බැමි 
පරඩැල් වගේ බිඳෙන බවත් ඇත්ත,

නුඹ ඒක දැන, නොදැන වගේ ඉඳගෙන
මේ ආත්මය වෙහෙස කරවන තරම්  

දරාගනු බැරි නිසාවෙන් තවත්  
සමුගනිමි නුඹේ ලෝකයෙන්
පසුවදනක් නොලියාම 

දවසක් ඒවි නුඹටත්, අතීතය රිදවන 
මතක් වේවි නුඹටත් මේ හිත විඳපු දුක
නොහඬන්න එදින මාව සිහිකර 
යලි එන්න බැරි තරම් දුර 
වේවි හෙට අප තර...

2 comments:

  1. එල සිතිවිල්ල....
    අන්තිම ටික සුපිරි....

    ReplyDelete
  2. දැනෙන්න ලියලා ..එළ

    ReplyDelete