Wednesday, July 24, 2013

තටු අහිමි සමනලිය..

තානායමක සෙවන යට
කවුලු තිර දහවලද ‍රැය කල
සින්නවිය කුලුඳුලේ ආදරය
අවිචාර පෙමක් ලඟ

කනාමැදිරි එලිත් නුහුරු ඇය
අන්ද විය හිරුගෙ ලඟ
පල නොමැත අසා අද
නොසිතුවේ කිමද නුබ
දැවී ගිය පසුව ඇය
බන දෙසා කිමද පල?

නොසිතන්න සයුරකියි ඇය
නො‍රැදෙන ගමන් මග
වරක් නැව් ගිය මගක...
ත‍ටු අහිමි සමනලියක්ය ඇය
වරක් දුර ඉගිල ගිය...

4 comments:

  1. අවිචාර පෙමක් ළඟ
    පුදකරන්න කලියෙන්
    කුළුදුල් ආදරය
    සිහිනොවුනි ද ඇයට
    ඉගිලෙනු හැකිද හෙට
    තටු සිඳගත් කල අද

    ReplyDelete
    Replies
    1. අපිටත් උත්තර නැති,උන්ටත් උත්තර නැති ප්‍රශ්නයක් අයියේ..

      Delete
  2. ආදරය විටෙක කැලඹේන කැලතෙන නිසසල සයුර මෙන්ය.

    ReplyDelete