Monday, April 30, 2012

මැයි දිනය..


මනු ලොවේ දෙවු විමන් තනනට
හෙලූවද ලේ කඳුළු දහදිය..
අමුර්තය තබා දියබින්දකවුව  සුව නොලද
මිනිසුනි අමතකව ගිය කාලයට..

සමරයි මුළු ලෝකයම
එක දිනක් නුඹ නමට..
දහසක් රතු කොඩි රැගෙන
හඬ නගයි උන් නුඹ නමට..
එහෙත්, සොයුර නැගිටින්නයි
අතදුන් එකෙක් නොමැත..
සමරුවද මැයි දිනය
මහම මහා උජාරුවට..

Friday, April 20, 2012

සුමුදු නුඹේ පා යුගලට ..

සුමුදු නුඹේ පා යුගලට
වෙලේ නියර හුරු මදිවට
එදා වගෙම තාමත් මේ
කුඹුරු නුඹ දනියි...

පුංචි කාලේ ගම පුරාම
දුව ඇවිදපු පුංචි කෙල්ල
ගමට සිරිය එදා වගේම
තවම නුඹ තමයි...

වැහි කාලෙක නුඹ ඉන්දු
ලස්සන සුදු අරලිය ගහ
නුඹ අපහු ආබව දැන
රතට මල් දරයි...

සිදාදියේ සුවඳ ඉහන්
ගම පුරාම නුඹ යනකොට
                                                         සමනලයින් නුඹ හඳුනන 
                                                         උන්ට පුරුදු  සුවඳ කොහි සොයයි...

                                                         රට රාජ්ජ තරණය කර
                                                         නුඹ ආවද ගම රට වෙත
                                                         තාමත් නුඹ මට අර
                                                         එදා හිටපු පුංචි කෙල්ලමයි...

                                                        ලජ්ජා උනද පෙරදාමෙන්
                                                        තුරුළු වෙන්න මගේ ලඟට
                                                        ලොවම දන්න නුඹ නොදන්න
                                                        හෙවනැල්ල නුඹේ මං තමයි...

                                                        දහසක් නුඹේ මතක අතරෙ
                                                        තනිවන්නට ඔය පුංචි හිතේ
                                                        හැමදාමත් සිතින් පතන
                                                        නුඹ හඳුනන අයිය මම තමයි...

Tuesday, April 17, 2012

                                                   රන් කහවනු පොදි සොයන්න
හැල්මේ දුවන ජිවිත තුල..
උදේ සවස සල්ලි එක්ක
පොර බදිනා ජිවිත තුල..
දහසක් දේ පොදි බැඳගෙන
දුක් විඳිනා ජිවිත තුල..
කාටවත් නොකීව,
කවුරුත් නොදන්න,
දහසකුත් සුන්දර නිමේෂයන්
උනුනනටද අමතකව ගිය..
එහෙත් ජීවිතය අසුන්දරයැයි
උනුනටම සාපකරන..



Sunday, April 8, 2012

සත්තයි...මම දැන් වෙනස්..


කාලයක්  තිස්සේ  මුළු හිතම වෙලාගෙන  තිබුණු එක රහසක්  පිටකරලා  දැම්මා..අදින් පස්සේ ඒ රහසට බෑ මගේ හිත රිදවන්න..අදින් පස්සේ මොනදේ උනත් මගේ හිත  නිදහස්..එත් මේ දේ නිසා මට ගොඩක් දේවල් අත අරින්න උනා..එත් දැන් මේ හිත ගොඩක්ම නිදහස්..සත්තයි...මම දැන් වෙනස්..එත් මම එදා වගේ ඔය හිතට ගොඩක්ම ආදරෙයි...

Saturday, April 7, 2012

සසී..


ඳ මගෙන් උදුරන්
සිහින හොරු අරන්
නිහඬයි තවත් නුඹ ...

න්චලවූ හැඟුමින් 

තුන්හිතම විඳවනු 
රිසිද නුඹ දැකුමට?? 
කාඅතද වරද අප වෙන් කල..


මේ පද වල තියෙන වෙනස කිසිම කෙනෙකුට (විශේෂයෙන් එක්කෙනෙකුට)නොතේරේවා යයි පතමි...

Friday, April 6, 2012

සින්නක්කර ආදරය..



කහවනු දකින විට මා වෙත ඇදෙන,
ප්‍රේමය නොමැති නුරාව රැඳි ආදරය,
ලද දේ නැතත් දුන් දේ නම්
නිම නොවෙන,
සින්නක්කර උවද සින්නක්කර නැති ආදරය..

                          [කවියාගේ අත්දැකීමක් නොවේ :) ]

Tuesday, April 3, 2012

ඉරිතැලුණු යෞවනය...


රතු රෝස මල් නොපිපි,
හැඩකාරකම් නොමැති ,
ලෝකයම මගහැරපු,
ඉරිතැලුණු යෞවනය...

කිරිකෝඩු යයි හැඟුණු,
පිලිණුවූ ආදරය,
ලෝකයම යයි පැතුව,
බල බිඳුණු ජීවිතය...

මිරිගුවක් බැව් දැනම,
මිරිගුවක් ලුහුබැන්ද,
අතරමන් මා සිතට,
සම්පතකි තනිකඩකම..


Monday, April 2, 2012

ජිවිතේ..

 අපි හුස්ම ගන්නවා..
හුස්ම ගන්නවා කියන්නේ අපි ජිවත් වෙනවා ,
කනවා බොනවා අපි ජිවත් වෙනවා ,
දරාගන්න බැරි දුකකදී අඩනවා ,
එත් ලෝකෙට පෙන්න අපි හිනාවෙනවා ,
ජිවිතේ හරි බරක් කියල හිතෙන වෙලාවල් අනන්තවුනත් ,
අපි මේක දාල යන්න කැමති නෑ,
අපේ කියන්න කිසිම දෙයක් නැති උනත් අපි ජිවත් වෙනවා ,
මොකද අනිත් අය ලඟත් මොනවම හරි නෑ කියල අපි දන්නවා,
කවුරුම හරි එහෙම නෑ කියනවනම් ඒක මහා බොරුවක්....

තනිව ඉකිබිඳ හඬන හැම විට...

තනිව ඉකිබිඳ හඬන හැම විට...
නිහඬ සිතුවිලි වලට රහසේ, හුස්ම පෙව්වා දුරින් හිඳ නුඹ...

වැටුන හැම කඳුලැලි බිඳක් ගැන, නුඹට මා කියූ දුක් ගැන..

මටද ඇයටද තනි රකින නුඹ , ඇයට කියපන් " සඳේ " නුඹ අද..

නිහඬ මැදියම මා , උඹට කියු දුක..

කොඳුරපන් මේ රෑ නිදන ඇය ළඟ..

මගෙ සිහින මට දෙන්න..

කවිකාර සිත තුලට කිරිකෝඩු ආදරය,
ගෙන ආපු සමනලිය ...
නුඹ ගාව හැර ආපු මගෙ හුස්ම මට දෙන්න,
ඉකිබිඳින හදවතව,
නොහඩන්නනැයි සනසන්න ...
පෙරදාක මා පැතුව,
මගෙ සිහින මට දෙන්න,
නුඹ නැතිව මගෙ ලෝකේ හිස්මයැයි නොපෙනෙන්න ...

දකින්නට එක වරක් එනු මැන..

වෙරල හිමි නැති හඬන සයුරකි,
සතුට සැනසුම කිමද නොදනී අයාලේ ගිය ජිවිතය අද..
නුඹේ අත මා පැතූ වරදට වෛර කෙරුවත් සොන්දුරිය් අද,
කමා කරපන් එදා නුඹ සෙවනැල්ල විය මම..
යලිත් පෙර දින නොයෙන බව නුඹ,
කියුවත් සිය දහස් වර මට..
දකින්නට එක වරක් එනු මැන,
නුඹේ රූපය තවම ඉල්ලන කඳුළු රැඳි මගේ නෙතු සඟල වෙත..