Monday, August 17, 2015

පෙරවදන මම, නුඹය පසුවදන

පෙරවදන මම, නුඹය පසුවදන 
එකම පොත් පිංචක 
පරිච්චේද, පිටු බෝමය 
නුඹත් මාත් අතර 
මේ හිතේ හීන ගැන 
කියා එව්වත් 
පිටුවෙන් පිටුවට 
පවසාවි එය නුඹට 
අන්තිම පරිච්චේදය
ඒත් නුඹේ සිතුවිලි ගැන 
දැනගන්නේ කෙලෙසද මම? 
කව්රු කියවාවිද 
පොතක් අග සිට මුලට..



1 comment:

  1. අන්තිමට කන්ක්ලූෂන් ඒකක් දැම්මා නම් ගොඩනේද???

    ReplyDelete