Wednesday, February 25, 2015

ආදරයට පසු?

හීනවල පාට පාට
හැංගෙන්න තනිවෙන්න 
හීන මවපු උඹ මම 
හිරවෙලා ඒ හීන තුලම 

අද අපේ වහලක් යට දකින 
ඒ හීන සොඳුරු නැත 
එදා නිල් අහස යට 
අපි දැකපු තරමටම 

සරළ පවුලක් වීම 
මේ තරම් බරයි දැනුනනම් අපට 
ඉන්න තිබුනා තව ටිකක් කල් 
නිල් අහස යටම 

හොඳයි අපි නොපැතු එක 
දුර අහස අල්ලන්න 
නැතිනම් මේ වෙද්දී
හති වැටිලා අපි හොදට 

"ජීවිතෙත් ආදරේ තරම්ම 
සැහැල්ලුවට තිබුනනම්" නේද? 

3 comments:

  1. ‍මෝඩ වෙන්න එපා යාළු .....ඒ ජීවිතේ හරිම ලස්සනයි.....ලැබුණාට පසු දරු රැසක්

    ReplyDelete
  2. අම්මපා ඇත්තද.. මටත් හිතෙනවා ඩිවොස් කරල ලමයි දෙන්න මඩමකට දාලා ආයි ලව් කරන්න යන්න.. හැක්

    ReplyDelete
  3. මම හිතුවේ ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල :)

    ReplyDelete