Sunday, February 1, 2015

අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව අපේ හීන ඒහැටි...

අනන්තෙට ඇවිදින්න - හීන පුරවාපු අපි 
දුර අහස අල්ලන්න - ප්‍රාර්ථනා කරපු අපි 
හැතක්මක් දුර යද්දි - මෙහෙම හති වැටුන හැටි 

බොළඳයිලු ඒ හීන - නුඹ ඉතීන් කියනා හැටි 
කළු කුඩේ හෙවන යට - දැක්කේ මං විතරමද?
ඒ හීන මේ හැටි.... 

අත් එකට පැටලෙද්දී  - අපේ හිත් වෙවුලපු හැටි 
අමතකලු නුඹට දැන් - ඉතිං ඇයි මටම විතරක් මතක?
අතීතය මේ හැටි...

අලුත් කුඩයක හෙවන යට නුඹ - නැවුම් ආලය හොයනා හැටි 
හොයා ගත්තම ලියා එවන්නම් - ආදරය හැමදාම එකලෙස 
නැවුම්වට රකිනා හැටි...

මං නැතුව හරි අනන්තෙට නුඹ - යාවි දවසක දුර නැති 
අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව 
අපේ හීන ඒහැටි... 

2 comments:

  1. එක කාලෙක එකට දකින හීන තව වෙලාවකට බොළඳ විකාර වෙනවා.ඒනිසාම වෙන්න ඇති ඒවට හීන කියලම කියන්නේ.ඒවට බලපාන්නෙත් තලගොයි කබර න්‍යායම තමා.
    ජය වේවා....

    ReplyDelete
  2. කවියක් කියනවාට වඩා මේක හිත විවෘතව ලිවීමක් ලෙසයි අපිට නම් පේන්නේ....

    ReplyDelete