Tuesday, February 17, 2015

දෙවෙනි ආදරය..

මතකද එදා දවස?
උඹ මගෙන් ඉල්ලුවා
"ආදරේ කරන්න මටම විතරක්" කියලා

ඔය බෝල ඇස් වලට එබිල
බොහොම බැරෑරුම්ව මං කියද්දි
"බෑ..මං ජිවිතේ දෙන්නෙක්ට ආදරේ කරනවා" කියලා

උඹේ ඇස් තෙත් වෙච්චි වේගෙට
විහිලුව දුර ගියා වැඩි බව දැනගෙන
"මං ආදරේ කරන්නේ උඹටයි අපිට ඉපදෙන දුවටයි" කියද්දී

ලජ්ජාවෙන් බරකරන් මූනම
අමාරුවෙන් තද කරන් හිනහව
"ඔය වගේ නපුරු විහිලු එපා" කීවට 

යන්නට ගියේ ටික කාලෙකින් ඈතට
එන්නට නොහිතා යලිත් කිසි ලෙස
තනියම අයිති කරගන්න වෙන්නැති මේ හිත

පුංචි ඉරිසියාකාරියේ කවදාවත් මම
ලැබුවේ නෑ ඒ දෙවෙනි ආදරය
හැමදාම උඹට විතරමයි මේ හිත
නැතත් උඹ ළඟ පාතක....

3 comments:

  1. නියමයි මචං...පට්ට

    ReplyDelete
  2. උදේ පාන්දරම උඹ හදවත රිද්දුවා මගෙ....

    ReplyDelete
  3. හප්පා... පාන්දරම පපුව කීරි ගැහුනා..

    ReplyDelete