Thursday, January 1, 2015

RE: මුනුත් නළුවොද?

සලු ඛාන් ලා තරම් මස් පිම්බිලා නැති 
බෙන්ස් ඩිෆෙන්ඩර් පරිවාර නැති 
කෙසඟ සිරුරු හිමි අකීකරු කෙස් ඇති 
මනුවර්ණ ලාත් නළුවොද?
අසති සම-හරක්  මහ පොළව පාගා නැති

මිෂෙල් හර්ෆ්ට් ගේ අඩනිරුවත මතක ඇති 
මනුවර්ණලාගේ රඟපෑම් මතක නැති 
එහෙව් රටක අමන මිනිසුන් පිරි  
රංගධරයන් වූයේ කරුමෙකටද අපි?
සිතුනොත් නුඹලාට කිසි වරදක් නැති 

මේ අරුමැති ඩිස්නිලන්තයේ ඉපදුනු අපි 
සත්‍යට වඩා ෆැන්ටසි ප්‍රිය කරන නිසා වෙන්නට ඇති 
අමතක උඹල ඒ හිත්වලට මේ හැටි.. 
එහෙව් පරිකල්පන මැද "නැගී එන නළුවන්" වුනු හැටි
උන්ට නොවටිනවා උනත්, වටින උන් දහසක් ඇති 
නොසැලී ඉදිරියටම පලයන්, මේ අහස නුඹලාට මදි....


8 comments:

  1. සිරා කතාව මචං

    ReplyDelete
  2. මනුවර්ණ කියන්නේ පුදුම නළුකමක් ඇති තරුණයෙක්. මම ඔහුට පුදුම ආසයි. නමුත්... වැඩකට නැති දේශපාලනයට මිනිස්සුන්ගේ මනුස්සකම පාවිච්චි කරනවට මම අකමැතියි. නමුත් රජාට ගැතිකම් කරන කලාකාරයින්ට එක හැන්දකිනුත් , වෙනස් අදහසක් දරන උන්ට වෙනත් හැන්දකිනුත් බෙදන එක නින්දිත වැඩක්. නමුත් මිනිසුන්ට නොපෙනෙන දෙයක් පෙන්නන්න උන් උත්සහ කරන බව නම් කිවයුතුයි. ඇත්තටම නිර්මාණ තුලින් එය අපේ රටේ කරන්නම බැරි තරම් හින්ද මෙහෙම වොයිස් කට් වලට යන්න වෙනවා. කොහෙන් කෙලවර වෙයිද මන්ද. අවසානයේ අපිට කලාකාරයෝ කියල කට්ටියක් නැතිවෙයි.

    ReplyDelete
  3. චාමර මචං.................

    බොක්කෙන් ම කිව්වොත් පට්ටය................... හරක් අතර අැති තරම් මිනිස්සු ඉන්නවා මුන්ගේ අගය දන්නා................ ඒ හොදට ම අැතිය......

    ReplyDelete
  4. ස්තුත්යි හැමෝටම!!

    ReplyDelete
  5. i dont know why you have to present michelle herft in so derogatory a manner

    ReplyDelete