Saturday, December 27, 2014

නොදන්නෙමි කිමද මේ ලැදි කම

නොදන්නෙමි කිමද මේ ලැදි කම 
වෙසෙන්නී නුඹ අන්සතු කැදැල්ලක 
ඉගිලෙන්නේ නුඹ නුඹේ අහසෙ වූ කල 
මග බලන්නේ මේ දෑස මේ ලෙස 

දනිමි ඉගිලෙන්න එකට එකලඟ 
නොලැබෙනා බව මේ ආත්මෙදි නුඹට මට 
ඒත් මේ හිත අකීකරු කම 
සොයන්නෙම නුඹේ සෙනෙහස 

දනිමි මා හැර රකින්නට අය සිටින බව 
අනෝරා වැහි කෙලෙස රුදු වුව 
උණුසුම් කරන්නට මේ තටු අවැසි නැති බව 
තවත් එකම එක කුරුල්ලෙක් පමණක්ම බව 

අරුමය නම් කොයිතරම් කීවත් 
මේ ඇත්ත හිත නාහනා එකමය 
අකීකරුයි තටු උනත් මෙමටම 
යන්න හදනා විටදී නුඹෙන් දුරකට 

3 comments:

  1. ලගදිම ගුටිකන ලයින් ඒකක් තමයි පේන්නේ........................

    කවි පද නම් සුපිරියි................

    ReplyDelete
  2. නියමයි......සිරාවටම එළ.....
    ගුටිකන කොට කියන්න බැරියැයි "මම නෙමෙයි,මේ අකීකරු තටු තමයි ඔක්කොම කරන්නෙ" කියල.

    ReplyDelete
  3. ගුටි නොකා ඉන්න තමයි ප්ලෑන් එක. :) ස්තුත්යි..

    ReplyDelete