Sunday, January 25, 2015

හිස් අහස ඉඩ දෙන්න...

හිත නතර කරගන්න
අකීකරුකම් නොකර 
ආදරය බොහො දුරයි 
මග බලන නෙත් සනසන්න 
නුඹ මට අහිමි පුරාවත 
නුබ ගැබක් පුරාවට 
හීනි තරු කැට වලින් 
ලියා රැකගනු පිණිස 
හිස් අහස ඉඩ දෙන්න 
පෙම් පුරාවත පබදින්න... 

අතීතය මගෙන් දුර 
ඈතටම එළවන්න
සුන්දරම මතක ටික 
විතරක්ම රැක ගන්න 
හිස් අහස ඉඩ දෙන්න 
තරු රටා වලින් පබදින්න
ඇගෙත්, මගෙත් පෙම් පුරාවත..



5 comments:

  1. සිරාවටම ලස්සනයි..

    ReplyDelete
  2. ලස්සනයි............ ලස්සනයි කියනවාටත් වඩා අැත්තට ම සුන්දරයි.............. හෘදයාංගමයි.............

    ReplyDelete