Tuesday, December 23, 2014


ද්වේශ පාලන කර ගනු නොහී 
දේශ පාලන කරනු නොහැකී 
නොදැන යදම් මුගුරු දරන්නනි
හිරු අවර යන දවස වැඩි ඈතක නැති 

කාකි සිංහ සම් වලින් සැඟවී 
සගවන්න යන්ත දැරුවත් හිවල් ගති 
දනිව් මහ රෑට හඳ පායා ඇති 
වලකන්න බැරි වේවි උපන් ගති 

රුපියල් සත මිසක් සැනසීමක් නැති 
තරු මිසක් ගෞරවයක් නොලද මිනිසුනි 
ගෙවන්නට වේවි උඹලගේ කරුමය 
උඹේ දරුවන්ටම මහා මෙර මෙන් රැකි 

කැමති නම් සැඩ පහර හා ඇදියන් 
නැතිනම් උඩු ගං බලා වරෙන් අපි යං 
තරු පාගා ගෞරවය හොයපන් 
ආත්මය නොවිකුණා මැරියන්.. 

Photo - Sanka Vidanagama




4 comments:

  1. චාමර .........................

    මේ කවි ලියන්නට වචන කොහෙන් ඒනවාද චාමර..... අගේ අැති කවිටික... කවීත්වයට ගැන කෙසේ වෙතත් අපි කතා කළ යුතුම මාතෘකාවක්...... කියන්න ඔ්න හැමදෙයක් ම ඒක අැතුලේ තියෙනවා.............. නියමයි චාමර

    ReplyDelete
  2. වල්ලා පට්ට.. පොලිසිය නෙමෙයි.. කයි පද ටික....

    ReplyDelete
  3. Lassana adahas. Digatama Kavi liyanna suba pethum

    ReplyDelete
  4. ස්තුතියි කුරුටු,මාතලන්,ඇනෝ..

    ReplyDelete