Saturday, December 6, 2014

හැරී එන්නට බැරි නිසාවෙන්ම...

යම් මගක,
කඳුපල්ලම් වලගොඩැලි 
හමුවනාක් සේම, ඉඳුරාම 
මං සන්ධිත් හමුවේවි 
මෙතෙක් ආ මග බෙදන...

නොනැවතී යන්න නම් දිගටම 
එක මගක් හැර, අත් හැරිය යුතුමයි 
අනෙක් හැම මග නුඹ දකින 
නොහැක කිසිදින දෙමගක යන්නට... 

නෙත් පියා සවන්දෙන්න හදවතට 
යන්න ඉල්ලන්නේ කොයි මගද 
පියවර තබන්න විශ්වාසයෙන් 
හැරී නොබලා ඉදිරියටම...

වැරදෙන්න පුළුවන් නමුත් නුඹේ පියවර  
දෙවෙනි අවස්ථාවක් නොවේවි කිසි දින 
මන්ද ජීවන මග ඉදිරියටම යනු මිස 
හැරී එන්නට බැරි නිසාවෙන්ම... 

4 comments:

  1. කයි ලියැවිල්ල නම් අගෙයි........ මං හිතන්නේ අපි මේ පැත්තට අාවේ අදයි........ දැන් දිගට ම ඒන්නම්......... පාර හදාගත්තා. අැයි සින්ඩි වල වැඩිය පේන්නට නැත්තේ... ඒ්වායේ ලියාපදිංචි වෙන්න... ඒක අපේ බ්ලොග් සහෘදයන්ට පහසුවක්............................

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මේ පැත්තේ ආවට!!

      Delete