Monday, August 25, 2014

සුලඟ..

අපි දාහයෙන් මිරිකෙන විට 
අහලකටවත් නොඑන සුලඟ 
අපි සීතලෙන් ගල්වෙන සිසිරෙට
හමාගෙන යයි අපේ ජීවිත අතර 

එන්නේ කොහිසිටද, යන්නේ කොයිබටද 
නොදන්නවා උනත් කිසිවිට 
දැන් එතැයි මග බලන් නොසිටි 
මිනිස් හදවතක් වේද මේ ලොව? 

විටෙක නිසලව...විටෙක සසලව 
ඇවිත් යන සුළඟ ගෙනෙන සුව 
නොවිඳි උන් ඇදෙති පසුපසම 
නවතින්න නොසිතති විඳපු උන් වුව 

දෑත විහිදා විඳින්නට හැකි ඒ පහස 
දෑත් හකුලා නතරකරනු නම් නොහැක 
දශමෙක උනත් ඉඩකින් රිංගා යනු නිසැක 
යන්න රිසි මගකට.. යලි එන්න බැරි දුරකට..

ගැහැණියත් සුළඟ හා සම...



2 comments:

  1. පිස්සු හැදෙයි.. ටිකක් සමයි..

    ReplyDelete
  2. ගැහැණිය=වැස්ස
    ගැහැණිය =අහස
    ගැහැණිය= සුළග...

    හිහි...
    පට්ට ඈ.... ජයවේවා

    ReplyDelete