Thursday, August 28, 2014

අකීකරු සිතුවිල්ලක්...

හන්තාන කන්ද පාමුල ඉඳන් උඩට 
හුස්මක්වත් නොගෙන දුවන් යනවා තරම්වත්  
සත්තකින්ම අමාරු නැතිව ඇති, 
අහන අහන හැම ප්‍රශ්නයක්ම  
ලැබෙන ලැබෙන හැම පිළිතුරක්ම
"බන්" කියන සෙනෙහෙබර ආමන්ත්‍රණයෙන් 
අවසාන වෙන බැඳීමක්, ආදරයට හරවන එක..

නුහුරු නුපුරුදු අය නොවුනාට අප 
ඒ හුරු පුරුදුකම ම ආපසු හරවන විටදී හිත 
කොහොම වචන ගලපන්නද, "ආදරෙයි නුඹට"
ඒකත් හරියට අක්බර් පාලමේ බැම්ම දිගේ 
සමබරව ඇවිදින්න හදනවා වගෙයි 
වැටුනොත් හොඳයි පාලම උඩට 
ඇද නොවැටී මහවැලියට...

3 comments:

  1. අක්බාර් පාලම දැකල නැත ිනිසා හරියටම අදහසක් එන්නෙ නැහැ..පිංතුරයක් හරි ඩ්‍රෝවින් එකක් හර ිදැම්මා නම් වැඩේ පැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. http://nowlab733.blogspot.com/2012/02/akbar-bridge.html

      Delete