Saturday, August 16, 2014

අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

අනාරාධිත සුලන් රැලි -  නොඅසාම හමාවී
අහිංසක වලාකුළු - ඈතටම ගෙනයාවි
නොඅසාම සීතලදැයි - හිරු තදට පායාවි
අවාරෙක පිපුණු මල් - අඳුරටම හැරේවී 

සඳුත් අහක බැලු දාට - අමාවක නම් ගෙනේවි
තැනින් තැන දිලුන තරු - අහසෙ ඈතට ඇදේවි
සීතල පොදවැස්ස - උනත් නෑවිත් හිඳීවි
අන්තිමම හුස්ම පොදත් - උදුරන්න රිසි උන් හිඳීවි

ඒත් කවදාකහරි ආයෙමත් - සුළං රැලි මෙහි ඇදේවි
ඒ හඳම නැතත් පුර හඳක් - අමාවක රැය මකාවී
සැහැසිකම් ඇති උනදාක හිරුත් - සීතලක් ගෙනේවී
යලි ඇවිත් සියොත් කැල - නිල් අහස සරාවී

අද ගියත් කවද හරි නුඹ - එන්නදැයි අසාවී
ඒ නැතත් වෙන උදා තරුවක් - මගේ ලෝකෙට වඩීවී
කවුරුන් ආවත් කවුරුන් ගියත් - මගේ සිනහව රැකේවී
අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

6 comments:

  1. වසන්තය එනවා සත්තකයි..පෙොලව පලාගෙන අහස දෙබෑ කරගෙන වසන්තය ඒවි..ඉවසන්න..සැනසෙන්න නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් අමිල, මේක දැකල පරණ වසන්තය ආපහු ආවා.. :)

      Delete
  2. කවිය ලස්සනයි මචං..

    ReplyDelete
  3. ඔව් ඒකේ සැකක් නැහැ. ගහ කපන්න එපා...

    ReplyDelete