Thursday, July 31, 2014

ගහත් නොදත් මුල...

ගහක් සිතුවම් කරන සිත්තරෙකු
ගහක ගුණ වයන කවියෙකු
ඒ ගහේ පිපෙන මල් ගැනම මිස 
ඒ මලින් සැදෙන ඵලය ගැන මිස 
අහස සරසන අතු ගැනම මිස
වර්ණනා කල යමක් වේද එහි වෙන?

ඒ සිතුවම් තුල.. ඒ පබැඳුම් වල..
කිසිදාක නොඇඳෙති,
කිසිදිනක නොලියෙති,
ඒ ගහේ මුල් ගැන 
ගහට සාරය සොයනු වස් 
කාෂ්ටක පොළව හා යුධ වදින 

නමුත් ගසත් එහි මුල් නොදන්නා කල 
කුමට විවේචන සිත්තරුන් ගැන? 
කුමට විවේචන කවියන් ගැන?
මුලෙන් සුව ලබන්නේ ගහම මිස 
කවියන් සිත්තරුන් නොවෙති මේ ලොව...


2 comments:

  1. ඕක තමයි ඇතුළාන්තය...............

    නියම සිතුවිල්ලක් චාමර. අපි නොදන්න තව බොහෝ දේවල් වල කැපවීමෙන් තමයි අලුත් දෙයක් ලෝකයට බිහිවෙන්න්‍ෙ...........

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත.. අපි දකින්නේ එවලින් ස්වල්පයයි.. ස්තුත්යි

      Delete