Monday, July 28, 2014

කාන්තාරෙක ආදරය..

රිදවනවා තමයි.. ඒත්
හිරු එලිය තරම් ලඟින් 
හිටියේ කවුරුන්ද කතරට?
ඉඳහිට ඇවිත් යන 
පොද වැස්ස උනත් දවසක 
නවතින්නම ඒවියයි 
හිතුවත් වැඩක් වේවිද?

බලං උන්නත් මග  
සීත සුළං ඒ යැයි, ප්‍රාර්ථනා පුරවගෙන 
චණ්ඩ මාරුත හැර 
ආ කෙනෙක් නම් නැත... 
දකින උන් කොහොම කීවත් 
මල් පිපෙන්නේ නැහැ කතරක 

මේ රටා ඇන්දේ වැලි මත, 
චණ්ඩ මාරුතයි පෙර කල 
රන් පාට කෙරුවේ වැලි කැට, 
දැවෙන හිරු රැස්ය දහවල 
ඉඳින්...
ප්‍රේම කෙරුවම පුදුමය කිමද 
චණ්ඩ මාරුත වලට?... දැවෙන හිරු රැස් වලට?...
පොද වැස්ස... සීත සුළං අත හැර....

2 comments:

  1. කවියක් කියන්නේ මෙහෙම දේකට තමයි චාමර... අදහස මොකක් වුණත් හරි ලස්සනට තාර්කික ව වගේ ම හිත්ඇදගන්න විදිහට ගෙන ඒමයි වැදගත්. අදහස එකින් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබ කියන කාරණය ගත්තා ම සැබෑ ජීවිතයේ දී ඒක විවිදාත්මකයිනේ. ඒත් ඔබ ඔබේ තර්කය හරි ලස්සනට නිර්මාණ කාර්යයට භාවිතා කරනවා................... අගෙයි චාමර

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුත්යි ඔබේ අදහස් වලට... :)

      Delete