Friday, April 25, 2014

වෙරළක රැඳී හීන..
















මටත් මහා හීන තිබ්බා 
නිල් අහස අල්ලන්න නෙවෙයි.. 
දුර දියඹේ කිමිදෙන්නත් නෙවෙයි.. 
ඒත් හවසට බැහැල යන ඉර යටින්  
මටම අයිති උන පුංචි අතක්  
සුලැඟිල්ලකින් අල්ලාගෙන 
වෙරළ දිග ඇවිදින්න 
තනියෙන් ඇවිද්ද අතීතය ගැන 
කනට කර මුමුනන්න 
අර ඈත දිලිසෙන ගොඩනැගිලි ගැන, 
ඇයි... වෙරල හැර යන සයුරු රළ ගැන,
 මං දන්න දේ කියාදෙන්නට.. 
ඒත් තාමත් ඒවා හීන විතරමයි 
නමුත් කවදාක හරි මුණගැහුන දවසක
කියාදෙන්න ගොඩක් දේ තියෙයි නුඹහට 
හීන සුළඟට ගසා නොගියහොත් හෙට...

Photo - by me

3 comments:

  1. ලස්සන සංකල්පනාවක්...
    ජයවේවා!!

    ReplyDelete
  2. හරිම ලස්සනයි. කවදහරි හමුවෙන්න ඉන්න කෙනෙක් ගැන වගෙයි.

    ReplyDelete
  3. හීන අතහරින්න එපා... කවදහරි හිතේ තියෙන යහපත් හීන ඉටු වෙනවා ඒවා ගැන අපි ලොකු විස්වාසෙකින් හිටියොත්..!! ජය!!

    ReplyDelete