Monday, April 7, 2014

හති අරින බැඳීම්!!

මිනිසුන් එති, සිනා සෙති 
ආගිය තොරතුරු 
පුංචි පුංචි ඕප දූප 
කන්වලට කොන්දුරති...

ඒ සිනාසුන ඒ කතාකල උන්ම 
වරෙක අත් වැල් බැඳ ගනිති 
අන්තයක් තරම් දුරයන්න 
පුංචි බැඳීම් තවත් හයි වෙති...

පියවර දහයක් ගිය තැන 
හති වැටෙති උන් 
තවත් යන්නට බැරි ලෙසට 
මන් තනති වෙන් වෙන්න...

නැවතුන කලට වල්මත්ව 
ගව් සියක් දුර මගක මැද
සිනා සෙති උන් අනන්තයේ හිඳ 
වෙන අතක වාරුගෙන...

6 comments:

  1. බැදීම් වෙලාවකට හරි වෙහෙසයි තමයි..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත දිනේෂ්!! එත් නැතුවත් බෑ

      Delete