Tuesday, November 19, 2013

යථාර්ථයේ ගායනාව!!

රොන් රැඟෙන ඉගිලයති 
අයාලේ යන සමනලුන් 
පිපාසව මියෙන කල 
අඳුරෙ රැඳී සලබයින්... 

මල් යදිති දැවෙන හිර රැස 
සලබ පහසින් වසන මෙන් 
හිරු අවර ගිය කලට  
සමනලුන් ලඟ සැනසෙමින්...

හිරු රැසින් දැවී ගිය තටුවක  
වේදනාවේ මිරිකෙමින් 
යලි ඇදෙති අඳුර වෙතටම සලබයින් 
මල් පහස නොව සුවඳ 
විඳින්නට බැරි උන සොවින්... 

2 comments:

  1. හ්ම්ම්, නොවෙනස් වෙන යථාර්ථය! ලස්සණ යි, පද වැල්. මම ආසාවෙන් ම කියවන බ්ලොග් එකක් මේක.

    ReplyDelete