Thursday, August 22, 2013

සඳු විඳිති හිරුගෙ ලොව!!!












තනිකඩය හිරු තවම

දෙන නමුත් ලොවට රැස,  
හිරු එලිය සොරාගෙන 
අවරගිර රජ කරන 
සඳ අයිතිකාරකම් කියති 
හිරුට හිමි තරුවලට...

දැවෙන උණුසුමට බිය 
තරු ඇදෙති සඳු වෙතට 
උන් නොදන්නී සීතලද 
මරණීය බව ගිනි ලෙසම...

හිරු සිනාසී බෙදති හිරු රැස 
බිඳක්වත් අඩු නැතිව 
දැන දැනම තම බලය 
විඳින්නේ සඳුම බව, 
ඒත් සලති කඳුළැල් විටෙක
අඳුරු වලා මැද සැඟවහිඳ... 

2 comments:

  1. අපූරු සංකල්පනාවක්. කවුරුත් හිතන්නේ නැති විදියට.

    ReplyDelete