Wednesday, June 26, 2013

යකෝ THIS IS MY WIFE!

අද 138 බස් එකේදී වුනු රසබර සිදුවීමක්!!

කිරුලපන රෝයල් ඉන්ස්ටිටියුට් එක ළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන් හිටපුවෙලේ බස් එකට නැගපු හැඩිදැඩි තරුණයෙක් බස් එකේ ඉස්සරහ හිටපු තරුණ ජෝඩුවක පිරිමි ළමයට ගහන්න ගත්තේ "යකෝ THIS IS MY WIFE!" කියමින්.ගෑනු ළමය "අයියේ ගහන්න එපා" යැයි කෑගැහුවත් හැඩිදැඩි තරුණයා අනික් තරුණයාවත් ඇදගෙන බසයෙන් බැස්සේ "කෝල් කරපන් පොලිසියට" අවට සිටි උන්ට කෑගහමින්..ඒ වෙද්දී තරුණයගේ කටින් සෑහෙන්න ලේ ගලනවා..මේ මොහොතේ බස් එක එතනින් පිටත්වූ නිසා මෙයින් පසු සිදුවීම මා නොදැක්කත් මේ සිදුවීම මිනිත්තු 2ක කාලය තුල මාව ලොකු කමපනයකට ලක් කළා...

මට මතක් උනේ මීට ටික කාලෙකට කලින් මම ලියපු කවියක්,ඒ කවිය ලියවුන හේතුව වෙන එකක් උනත් එහි අර්ථය ගොඩක් මේ සිද්දියට ගැලපෙනවා කියලයි මට දැනෙන්නේ...මේ ගැහැණු ළමයා පෙනුමෙන් ඉතාමත් වැදගත්, සුන්දර ඒ වගේම ඔසරියක් ඇඳන් උන් එකියක්.අඳින ඇඳුමෙන් හැදියාව මනින මීහරකුන්ට මේක හොඳ පාඩමක්...

මෙහි සැමියා හෙවත් හැඩිදැඩි තරුණයාගේ ක්‍රියාව ගැන කිවයුතුව ඇත්තේ, WIFE යනු තමන්ගේ සින්නක්කර දේපලක් නොව පරාන බුක්තියට තමන්ගේ උන එහෙත් CGR එකට අයිති ඉඩමක් වැනි දෙයක් බවයි...උඹ කන්න දුන්නට,උඹෙන් යපුනට අයිතිය වෙන එකෙකුගේය...CGR එක රේල් පාර ලොකු කරනවිට අපි ඉඩම් හැරයා යුතුය..විවාහය යනු ගැහැණිය හෝ පිරිමියා වැරදි කාම සේවනයට යාම වලකන බැම්මක්ද නොවෙයි...එය එසේනම් විවාහක අය තුන්වෙනි සිල් පදය පන්සිල් වලට කිව යුතු නැත...

ගෑනුන් සුළඟ වැනිය...එහි පහස විඳිත හැකිමුත් රඳවා තබා ගනු නොහැක....

(මේ සිද්දිය උනු ගමන්ම මන් කලේ මට එහාපැත්තෙ ඉඳපු නංගි අන්මැරිඩ් බව කන්ෆර්ම් කරගැනීමයි ^_^  )




3 comments:

  1. මේ සිද්දිය උනු ගමන්ම මන් කලේ මට එහාපැත්තෙ ඉඳපු නංගි අන්මැරිඩ් බව කන්ෆර්ම් කරගැනීමයි ^_^ ඇයි දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. අදේ මමත් ඕකමයි අහන්ට ආවේ :D ධාරා අහලා ඊට කලියෙන්,, :D

      Delete
  2. ගුටිකන්න බෑනේ!! වැරදිලාවත් අරුට උනදේ මට උනොත්...... :)

    ReplyDelete