Tuesday, April 2, 2013

නුඹ වරදකාරිය ????


නුඹ ප්‍රේමයට අරුත් සෙව් දින
දුර ඈත පියාඹා යා හැකි කල
ඔහු නුඹට කිව්වේ වෙද,

ප්‍රේමයනම්...අඳුරු කුටියක
 ජීවිතය දවා හැරුම බව... 
 නිමේෂයක සැනසුමට 
  ආත්මය ගිනිලෑම බව... 

  තටු සිඳුණු කිරිල්ලිය! 
  දැන් හඬා පල නැතිය... 
  නැගිටින්න දෙපයින්, 
  මගහැරුණ දුර යන්න... 

  පෙර ලෙසම බැරි වුනද, 
  නිල් අහස සිපගන්න... 
  මහපොලවවත් ඇතිය, 
  නුඹට යලි ඇවිදින්න... 

  නමුදු නුඹ සිත් තබාගනු අද!
  ගින්දරට පිලිස්සුන නුඹ හට.. 
  කණමැදිරි එලි වුවද සැර බවට...


5 comments:

  1. මහපොළව මත ඉන්න
    බැහැ කියා හිතු දිනක
    ඕනැ නම් ඉගිලෙන්න
    පුළුවන්ය විහගුන්ට

    ඒත් සීමා තියේ
    සුළං නෙකපොලු තියේ
    වලාකුළු අකුණු කොටනා හඩත් නිති ඇසේ..

    ඉතින් ඒ කිරිල්ලිය..
    සිහියෙ නොනගනු කෙලෙස?
    අහස මත පොළවටත් වඩා
    සීමා තියේ..))))

    ReplyDelete
    Replies
    1. පියාපත් නැති කලෙක..
      හැකිද දුර ඉගිලෙන්??
      බහ නොවේද යලියන්න..
      කෙසේ කිව්වත් හිත..
      ඉඳින් නුඹ නුඹවන්න
      පිපෙන තුරු හිරු අසල..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සන්වෙදි කවි පෙලක් මල්ලි
    හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි අක්කේ!! මේකට අදහස ගත්තේ ඔයාගේ කෙටි කතාවෙන!!

      Delete