Monday, March 25, 2013

කවියකුගේ විරහව..

පලිගන්න මේ කඳුළු වැල් වල
එකතු කල මේ වදන් දුටුවිට
කිඳා බස්සනු සැපකි පිහිතුඩ
නුඹ කියනු ඇත සැකක් නැත මට...

නියගලා වල විසට සමවුන
අකුරු අද මා අතින් පබැදෙන
පෙර නුඹට පෙම් කවිත් ලියුන
තෙත් කරයි ඔය ඇසුත් දැඩිලෙස...

සිතන්නට ඇත නුඹ නිමායයි හැම
එකෙකු අතහැර අන්මගක ගියදින
උඹට අමතක ලොකුම දෙයනම්
පෙම් කලේ නුඹ කවියෙකුට බව...

4 comments:

  1. "උඹට අමතක ලොකුම දෙය නම්
    පෙම් කළේ නුඹ කවියෙකුට බව...." අපූරුයි...

    ReplyDelete
  2. පෙම් කළේ ඈ කවියෙකුට බව
    පසක් වූ දා අහම්බෙන් වුව
    යළිත් එනු ඇත පියාඹා ගෙන
    නිදහසේ සිතිවිලි විදාගෙන..

    මන්ද නොකියමි නොදෙමි විවරණ
    ප්‍රේමයට කුමකටද විවරණ?
    කවියෙකුට පෙම් කෙරූ හිතකට
    විරහවට වැඩි යමකි ඉතිරිය..

    ReplyDelete
  3. ෆැන්ටසියක්මවූ ඇගේ ලෝකය
    කවියකුගේ පෙම කිම දනීවිද
    තරුඑලිය වෙත ඇදීගිය සිත
    හිරුද ඒ හා සමයැයි සිතන..


    ස්තුත්යි මිතුරිය!!

    ReplyDelete