Sunday, August 25, 2013

අහපන් හිතුවක්කාර හිත...











යලිත් පෙම් නොකරමියි 

සපථ කරගත් සිත..
යලිත් වෙර දරයි 
ලැගුම් දෙනු පිණිස 
කාගේ කවුරුන්ද නොදත් 
කෝඩුකාර මලකට.. 

මගෙන් නාසා පෙරත් 
නුඹ කලේ මේකම,
වරක් නොව සිව්වරක් 
උරුම විය විරහව... 

ඉවසමි එහෙත් මේ වර 
තනිව ඉන්නවට බැරි නිසාවෙන්,
මට නොවෙයි නුඹ හට.. 
උරුම වූවොත් පෙර දුක 
එලවා දමමි නුඹ 
මගෙන් දුර ඈතට...

Thursday, August 22, 2013

සඳු විඳිති හිරුගෙ ලොව!!!












තනිකඩය හිරු තවම

දෙන නමුත් ලොවට රැස,  
හිරු එලිය සොරාගෙන 
අවරගිර රජ කරන 
සඳ අයිතිකාරකම් කියති 
හිරුට හිමි තරුවලට...

දැවෙන උණුසුමට බිය 
තරු ඇදෙති සඳු වෙතට 
උන් නොදන්නී සීතලද 
මරණීය බව ගිනි ලෙසම...

හිරු සිනාසී බෙදති හිරු රැස 
බිඳක්වත් අඩු නැතිව 
දැන දැනම තම බලය 
විඳින්නේ සඳුම බව, 
ඒත් සලති කඳුළැල් විටෙක
අඳුරු වලා මැද සැඟවහිඳ... 

Friday, August 2, 2013

නොහඩන්න ලක් මව...














සුජාත පුතුන් වැදු ඇය 
හඬති උන් රඟන යුරු දැක 
සොයති ඇය කෙලෙසූ දන
වල් වැදුනු පින්බිම...

මාර සෙන් නසනට 
යුද වැදුණු දරුකැල  
කුලල් කාගනු දැක 
සුසුම්ලයි මහමෙර...

ජාත උව පින් බිම 
මේ මිනිස් ගතිමය 
පරිනාමයද පැරදුව 
නොහඩන්න ලක් මව...

ගොඩ ගලති සමුදුර 
ගිගුම්ලති නිලඹර 
එක්වේවි  නසනට 
කුලල්කන මනු කැල.. 

Thursday, July 25, 2013

ආත්මයක දෝංකාරය...

මම....
දැවී මියයන බව දත් නිසාවෙන්,
ගිනි ගොඩක සැතපෙන්න බිය නොවෙමි
හුස්ම හිරවී මැරෙන බව දත් නිසාවෙන්, 
ගැඹුරු දියටද බිය නොවෙමි

නමුදු....
කවදා , කෙලෙස 
මා විනාශය වේ දැයි 
දැනගන්න මා කැමති නිසාවෙන් 
මිනිසුන් මැද තනිවෙන්න 
අප්‍රමාණ බිය වෙමි..

Wednesday, July 24, 2013

තටු අහිමි සමනලිය..

තානායමක සෙවන යට
කවුලු තිර දහවලද ‍රැය කල
සින්නවිය කුලුඳුලේ ආදරය
අවිචාර පෙමක් ලඟ

කනාමැදිරි එලිත් නුහුරු ඇය
අන්ද විය හිරුගෙ ලඟ
පල නොමැත අසා අද
නොසිතුවේ කිමද නුබ
දැවී ගිය පසුව ඇය
බන දෙසා කිමද පල?

නොසිතන්න සයුරකියි ඇය
නො‍රැදෙන ගමන් මග
වරක් නැව් ගිය මගක...
ත‍ටු අහිමි සමනලියක්ය ඇය
වරක් දුර ඉගිල ගිය...

Saturday, July 13, 2013

නො එනුමැන මා වෙතට!!












නොකරන්න එබිකම්
හුදෙකලා සිතට මගේ
හති වැටී නුඹද යාවි
පෙර සිටියහැම ගියලෙසේ

හැන්ගීම් නොදැනුනි
ලෝකයම හැර ගිය දිනේ
එත් නුඹ අහිමිවෙයි බිය
හිතින් අත්හල හැකි නොවේ

නුඹ ගියද, පැමිණියද 
ආදරය මායවක්ම වේ
මැකී යනුමැන නුඹේ මතකය
රැගෙන අප හමුවුන දිනේ

Tuesday, July 9, 2013

නිරර්ථක මදුසමය!!











නිරර්ථක මදුසමය 
පැතුම් පොඩි ඉරී විසුරුණ
ලෝකයට කෑගසා කියනට 
සම්මතය ඉඩ නොදුන් කල 

ගිනි දැවෙන වතුර විය 
ආත්මය සනසන්න 
කඩා හැරී ජීවිතය
මතින් සෝදාලන්න

සිත ගැටුම බිරිය නොව 
හෙට බඳින පළමු පෙම
කෙසේ දේවිද ඔහුට ඇය
තමා ලඟ බිඳුණු සැම..