Saturday, April 11, 2015

ගුරු - සිසු..

ගුරු මුෂ්ටි නොතියාම 
කියාදෙද්දී මං 
කුලුඳුලේ ආදරය 
හිතුවේම නෑ මං 
වේගවත් බව නුඹ 
මේ තරමටම 

සත්තයි උඹේ වේගය ගැන 
යන්තමින් වත් දැනුන නම් මට 
හෙමිහිට කියාදෙන්න තිබුණා
හුගක් බොළඳ, ටිකක් පරිනත  
මගේ ආදර පාඩම 

එදා කෝඩුකාර වූ උඹ 
අද මටත් ආදරේ උගන්න හැඩ 
ගුරුවරුන් නම් 
ඇතිලු උඹට වෙන 
දන්නවානම් හොයා එවපන් 
උගන්වන්නට සිසුවියක් මට 

2 comments:

  1. තියරි විතරද උගන්නන්නේ.... ප්‍රැක්ටිකල් කරන ඒකක් නැහැනේ

    ReplyDelete
  2. Owa ada kale nam bohoma sulabai. Habai mata thiyana prashne rivishan ehema ugannane nadda ;)

    ReplyDelete