Monday, January 12, 2015

ආදරණීය සහෘධයනි...

උපන් මව් බිමේ නමට
මවගෙන් බිව් කිරිවල ණයට 
යුතුකම් ඉටු කරන්නත් 
දොලපිදේනි ඉල්ලන 
අමනුස්ස රෑනක් මැද,
තානාන්තර මිල මුදල් තබා 
ගෞරවයවත් නොපතන
සැබෑ මිනිසුන් රෑන

රහමෙරද , කහවනුද 
නැතත් උන් ළඟ
රත්වුන ලේ මිසක 
මව් බිමේ දුක ළඟ,  
පාද නමදින්න උන් වටපිටේ නැත 
කටෝර සැලකිලි බැණුම් 
උන්ට නුහුරුද නැත 

නොලදත් ප්‍රශංසා ලෝකයෙන්  
උන් හෙලූ ලේ ගැන 
නොහැරී නොයා ආපසු 
දිගටම සටන් කරයි උන්, 
දත් නිසාවෙන්ම බරක් නොවෙන බව 
වැලලුනදාක මේ මහපොළවට...


(ජවිපෙ සහෘධයන්ට සෙනෙහසින්)


4 comments:

  1. ඔවුන්ගේ ප්‍රතිපත්තිගරුක හැසිරීමට ඔළුව නමන ගමන්ම ඉදිරි මැතිවරන වලදී ඔවුන්ට සාධාරණය ඉශ්ඨවේවායි ප්‍රාර්ථනා කරමු....
    ජය වේවා.....

    ReplyDelete
  2. ජෙප්පන්ට තියෙන්නේ කොහාට හරි හේත්තු වෙන්න.. එහෙම නැත්නම්.. අබ සරණයි...

    ReplyDelete
    Replies
    1. නෑ මාතා..............

      ජවිපේ කියන්නේ අාණ්ඩුවට නොයන පක්ෂයක්... අාණ්ඩුවකට යනවා කියන්නේ සුළු පක්ෂයක් අනාත වෙන වැඩක්... ඡන්ද පදනම ඒ ලොකු පක්ෂයට පාවා දෙන්න වෙනවා.. ඊට පස්සේ ඒක කැඩෙනවා... ඒ නිසා ජවිපෙ කියන පක්ෂය විපක්ෂයේ සිටිය යුතුයි... මෙවර ඡන්දයේදීත් ජවිපෙ පදනම ස්ථාවර අපි ඉහළින් ම අගය කරනවා... ජවිපෙ කවදාවත් අාණ්ඩුවට යන්නෑ.. විපක්ෂයේ සිටිනතාක් කල් පක්ෂය සහ පදනම රැකෙනවා........... ඒක තමයි ඔවුන්ගේ අරමුණ

      Delete
  3. සමහර කොන්දක් නැති මිනිස්සුන් අතර කොන්දක් තියන මිනිස්සු ' කොටසක් ' ඉන්න තැනක්

    ReplyDelete