Wednesday, September 24, 2014

නුඹේ ගිනියම් හුස්ම හා මම...

ආදරේ උනත් අහසක් තරම් නුඹට, 
වටිනවා උනත් මහ මෙරක් තරමටම, 
ඒත් තද වානේ උනත් ගින්නට  
නැවෙනවා මෙන් කිනම් මොහොතක, 
නැවෙනවා මේ හිතත් නුඹෙන් දුර, 
නුඹෙන් ලැබෙනා ගිනියම් හුස්මට... 

බිඳී වෙන්වී යන්න මොහොතකට පෙර 
ආයෙමත් නුඹ ගෙනෙයි සිහිල් සුව, 
නිවයි ගිනියම්ව විඳවන හිත, 
ආයෙමත් දරදඬු කරයි ඒ හිත 
පෙර තරම්ම හයියට.. කැළලක් වත් නොතියාම...

ඒත් දවසක් ඒවි ළඟදීම 
නුඹත් නොදැනම හුස්ම සැර වෙන 
නැවී නොනැවතී බිඳී වෙන්වේවි 
මගේ හිතේ මං නුඹට ලිව් ඉඩ, 
හිතට බය නුඹේ කොටස වෙන්වුන කල 
මේ හිතේ මට ඉතිරි මොනවද?
දනිමි එය අංශුමාත්‍රයකට
 අඩුම මිස වැඩි නොවන බව ඉඳුරාම... 

2 comments:

  1. ඉවසන්න කියහං. දිනය ළගම ඒවි..

    ReplyDelete
  2. ඒත් දවසක් ඒවි ළඟදීම
    නුඹත් නොදැනම හුස්ම සැර වෙන
    නැවී නොනැවතී බිඳී වෙන්වේවි
    මගේ හිතේ මං නුඹට ලිව් ඉඩ,

    සැරයි මචන් මේක සැරයි :) (y)

    ReplyDelete