Saturday, February 8, 2014

හැමදාම මතක තියේවි උඹව...

හරියට මං උඹව 
උස්සන් යන්න හැදුවා වගේ,
හුස්මක් කටක් නොගෙන 
එක දිගට කෑගහන හැටි... 
ඔච්චර බයගුල්ලියෙක් කියල 
යන්තම්වත් දැනන් උන්නනම් 
සත්තමයි හිනා වෙන්නෙවත් නෑ මං... 

උඹට නම් පාලු නැතිව ඇති 
මට දැනෙන තරමටම,
ඒත් උඹේ වැඩ, පණ්ඩිත කතා ගොඩ 
මතක්වෙද්දී හිතෙනවා දැන් 
යන්න කියලා කිව්වේ ඇයි මම?
හැමදාම මතක තියේවි උඹව 
පිස්සු බටු ඇටේ :) :) :)

6 comments:

  1. මොකක්ද අහේතුවකට මේ කවිය වෙනස් වගේ.... :)

    ReplyDelete
  2. සුන්දර සිදුවීමක් ගැන ලිව්වේ සම්මියෝ... සත්‍ය සිදුවීමක් ;)

    ReplyDelete
  3. ඔය මතක කවදාවත් අමතක කරන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්... කොහෙත්ම අමතක වෙන්නෙත් නෑ, කරන්නත් බැහැ :)

      Delete