Monday, December 9, 2013

අනාරාධිත කිරිල්ලිය

අනාරාධිත කිරිල්ලියක විත් 
හදේ කොනකින් ලැගුම්ලන්
හිස්ව අතහැර දමා තිබු සිත 
නැවුම් හැඟුමින් පුරවමින්.... 

නුඹට පෙර මෙහි ඉන්න ආ අය 
කරත් ඔය ටික ඔය ලෙසින්,
යන්න ගියේ උන් අතර මගකදී 
යනබවත් නොකියා හොරෙන්...

නුඹත් කවදාම හරි යන්න යාවි 
ඉගිලෙන්න හැකි උන සැනෙන්, 
කූඩු නොකරමි යදම් ලා මම 
ආදරේ වූවත් සිතින්.... 

ඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි 
මන් ලැගුම් දුන්නා විතරමයි, 
වචන නොකෙරුවත් සිතුවිලි 
නුඹට මන් හරි ආදරෙයි...

5 comments:

  1. ලස්සණ අරුතක් තියෙන කවියක් :) කොච්චර ආදරේ කරත් ඒ අය ව හැමදාම ළඟ තියා ගන්න බැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ධාරා!! අපි එක තේරුම් අරන් ආදරේ කරද්දී අපිට ඇතිවෙන ප්‍රශ්න අඩුයි!! :)

      Delete
  2. ඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි
    මන් ලැගුම් දුන්නා විතරමයි,
    වචන නොකෙරුවත් සිතුවිලි
    නුඹට මන් හරි ආදරෙයි...

    ....මේ වචන ටික උපරිමයී!!!

    ReplyDelete