Tuesday, October 15, 2013

හිතම අම්බලමක්..















හිතම අම්බලමක් වගෙයි දැන් 
නාදුනන මිනිසුන් ලගින 
ගමන් වෙහෙස නිවනු මිස 
සදා කල් ඉන්න නොපතන..

ප්‍රාර්ථනා පුරෝගෙන 
බලා හිටි කාලයේ දිග 
සදාකල් ලැගුම් ගන්නට 
කෙනෙක් ළඟදීම එතැයි සිත.. 

ශ්‍රියාකත නම් ළඟක තව නැත 
වසා දමනෙමි යදම් ඇද දොර 
නොහැකි වන ලෙස ලැගුම් ගන්නට 
අයාලේ යන පරසතු පියුමකට!

3 comments:

  1. සිත වසා දැමූ පසු ශ්‍රියා කාන්තාව ආවොත් හැරිලා යයිනෙ චාමර.

    ReplyDelete
  2. දොර වැහුවට හොඳ අවදානෙන් තමයි ඉන්නේ!!

    ReplyDelete