Monday, June 10, 2013

නික්මගිය නුඹ...


නුඹ...
වෙනස් වෙන ලෝකයේ
වෙනස්කම් පිරි මිනිසුන් අතර 
තවත් එක ගැහැනියක්ම පමණකි 

නමුත්...
මා පුදුම කල කරුණනම්
බැඳීම් ස්ථීරයි කියූ නුඹ 
නොහදුනන සේ ඉවත යාම 

ඒත්...
එහි පාඩුවක්ද නැත 
නුඹ ගියපු තැන සිටම 
අඳුර මට තනි රකින...


3 comments:

  1. මේ ලෝකයේ සෑම දෙයක් ම
    වෙනස් වන බව හඳුනා ගත් නුඹට
    අඳුර තවමත් තනි රකින්නේ කිම ද?

    ReplyDelete
  2. අඳුර අන් සැවොම මෙන්
    මවෙතින් ඈතට යන කල
    නෙත් යොමා බලන් ඉමි

    මන්ද,
    අඳුර හැර ගිය තැන
    එලිය පැමිණෙනු නිසැක

    ReplyDelete
  3. ගණ අදුර පැමිණෙන විට
    ඉතා ඉක්මන්ය
    ආලෝකයේ දැහැන් හෝරාව!

    ReplyDelete