Monday, April 29, 2013

සම්මතය/අසම්මතය..මගේ ඇසින්...

සම්මතය අසම්මතය..අපි ජීවත් වෙන හැම මොහොතක් පාසාම අපේ හැන්ගීම් හිර කරන්න, නැත්තම් ඒවාට ඔහේ ගලා යන්න ඉඩ දෙන්නේ මේ දේවල් තමයි...ඇත්තටම සම්මතය යනු කුමක්ද??

"සම්මතය යනු බහුතර පිළිගැනීමයි.." ඒ මගේ නිර්වචනය,එහෙම බැලුවම අසම්මතය කියන්නේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන දෙයද?? අපි අඳින පළදින විදිහ ගමු, ඒකටත් සම්මතයක් තියෙනව.අපි කතාකරන විදියටත් සම්මතයක් තියෙනවා.අපේ හැම දේටම සම්මතයක් තියෙනවා.අපි ඒ සම්මතෙට අඳින්නේ,කන්නේ,කතා කරන්නේ අනිච්චානුගව කියලයි මට දැනෙන්නේ.මොකද අපි සම්මතය හරිද වැරදිද දන්නේ නෑ,ලෝකය පිළිගන්න දේම අපිත් පිලිගන්නවා..

එත් හැමදාමත් මන් අසම්මතයට ආදරය කලා, මගේ ජිවිතේ ආදරය ඉඳන් විරහව වෙනකම් හැමදේම අසම්මතයි.. බැඳීම් හැම එකක්ම අසම්මතයි.. මන් ඒ බැඳීම් ජිවිතේට ලන්කරගත්තේ ඒ නිසා වෙන්න ඇති... මට ලෝකේ හම්බුන ගොඩ දෙනෙක් සාමාන්‍යයි,ඒත් මගේ ජිවිතේ ලඟින්ම ඉන්න ගොඩ දෙනෙක් අසාමාන්‍යයි..ඇත්තටම ඒ  ජිවිත මගේ හිතේ සදාකාලිකයි..මොකද මන් අසම්මතයට ආදරෙයි!!!

ජිවිතේ නැතිවෙන්න කිසිම දෙයක් නැති,අලුතින් දේවල් ලන්කරගන්නත් අකමැති මට අසම්මතය අත්හදා බලන එක ලොකු විනෝදයක්...අනික් උන්ට වඩා වෙනස් නිසා උන්ගේ විවේචනයට ලක්වෙන එක මගේ විනෝදාංශය වෙලා...ජිවිතේ ඉගෙන ගන්න ඕනි පොත් වලින් නෙවෙයි,අත් දැකීම් වලින් කියලයි මට හිතෙන්නේ..කෙලින් යන්න සමාජය අපිට උගන්නනකොට එක වතාවක් හරි අපි ඇදේට ගිහින් බලන්න ඕනි..

මේ ලෝකය වෙනස් කල හැම මිනිහෙක්ම සමාජ සම්මතයට එහා දැක්මක් තිබ්බ උදවිය කියල පැහැදිලියි...උන්ට ඒ ගැම්ම දුන්නේ හැමදේම එකම විදියට දැකපු සමාජය කියන එක සහතිකයි!!!

6 comments:

  1. ඇත්තම කියනවනම් මාත් ආස අසම්මත දේවල් වලට(නරක දේවල් නෙවේ).ඒවගේ සම්මත ඒවාට වඩා අමුතු මිහිරක් තියෙනවා.
    සමහර විට අපිට සම්මත දේවල් අහල දැකලම ඇති වෙලා නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අසම්මතෙට අපි කැමති,අපි බහුතරයක් බලනවට වඩා වෙනස්ව බලන නිසා වෙන්න ඇති මයේ හිතේ...

      Delete
  2. පස්ට කීවලු

    ReplyDelete
  3. අසම්මත දේවල් වුනත් සම්මත වුනාම අමුතුම අත්දැකීමක් තියනවා.. :)

    ReplyDelete
    Replies
    1. අසම්මතේ සම්මත වෙන්නනම් මිනිස්සුන්ගේ දැක්ම වෙනස් වෙන්න ඕනි...

      Delete