මග හරින්නට හමුවෙනා උකුසු නෙත්
බලමින් බියෙන් වට පිට
රිංගා ගතිමු අඩක් හැරි ලෑලි දොරකින්
උන් කියූ, "පෙම්වතුන්ගේ දෙව්ලොව"ට...
ගරා වැටෙන්නට ලංවූ පැරණි තානායමට...
තනිවුනෙමු ඇඳක් පමණක්ම වූ කාමරයක
වැසුණු දොරෙනුත් පිටට අසේවිදැයි බියෙන්
නුඹේ හදවත සැලෙන මහ හඬ
නොදනුනානම නොවෙයි නුඹේ අත වෙවුලන හැඩ...
සිහිවී නුඹ මගේ ලොව රැජින බව
කකියන්න වුනි මගේ හදවත
දියකරනු කොහොම අප පිවිතුරු පෙම
පුළුටු ගඳ ගහන, දුර්වර්ණ ඇතිරිලි උඩ...
කෙඳිරුවෙමි සිපගෙන නුඹේ නළලලත
ආවදෙන් වසන්තය, නුඹ මගේම වුන දවසකට
එතෙක් මා ජීවත් කරාවි, නොයිඳුල් නුඹේ ප්‍රේමය
යලි නොහැරී බලා පිටවුනෙමු අප
පසු කරන්.."Rooms" යයි කෙටූ පුවරුව...
රූම් වලට තත්ව පාලන කොන්දේසි නැති එක ගැටලුවක් තමයි..
ReplyDeleteඇත්තක් කදිමට අකුරු කරලා...........
ReplyDeleteපට්ටයි!
ReplyDeleteසුපිරි''''''''''! ...............................
ReplyDeleteනියමායි ............................
ReplyDeleteස්තුත්යි හැමෝටම!!
ReplyDelete