මහා රූස්ස ගස් දෙකක් මැද
පුංචි කුරු ගසක් උන මම
ක්ෂුද්‍රයි නුඹේ විසල් ලෝකෙට...
නුඹේ යාලු සියොත් කැල
සහතික වේවි ලෝකෙට
ඉගිලී ගිය බවට නුඹ
එක විසල් ගසෙකින් අනෙකට
ඒත් නුඹේ ගමන අතර මග
නැවතුන බවක් මන් ළඟ
දන්නේ නුඹයි මමයි විතරක්ම වුන කල,
නුඹත් රකීනම් මුනිවත
කෙලෙස ඉල්ලම්ද නුඹේ අයිතිය?
නොතකා හරීවි මුසා බස් යැයි ලෝකෙම...
ඒත් නුඹේ උණුසුම, තාමත් දැනෙයි අතු තර
කූඩු හදාවි නුඹත් දවසක
ඒ විසල් ගසක අතු අග,
අහම්බෙන්වත් හැරී නොබලාවී
මේ පුංචි කුරු ගස දෙස,
මැලවීයාවි රූස්ස ගස් වල හෙවනෙන්
හිරුවත් නොදැක මේ ගස...
කදිම කවියක්
ReplyDeleteහොදයි... හොදයි.
ReplyDelete