ඉතින් නොහඬන්න ගඟ නුඹ
සයුරට නුඹව අමතක විට
දැන දැනම තවත් ගංගා බෝ බව
නුඹයි ආවේ මේ දුර තනිව
සයුර පුරවන්න සිත සිත..
උපන් කඳු මුදුනක ඈත
හීනි දියපහරක් උන නුඹ
ගලන් ආ මග දිගට
නුඹව සනසපු අතු ගංගා නම් බෝමය
නවතින්න ඒ ගඟක් ළඟ
නුඹට නොහිතුනු අරුමය...
ගෙවා දාහක් බාධක
විඳිත් අපමණක් කටුක බව
ගලා ආවද නුඹ මහ සයුරට
ඒ ලොවට නුඹ ක්ෂුද්‍රය..
නොහැරෙන්න බැරිතරමට
නුඹට නුඹ මගහැරී අහවර...
හෙට ඉර රැසින් උඩ යන
අංශුවට කොඳුරා කියාපන්,
වැහිබිඳුවක්ව වැටෙන කල
උඹ උපන් කඳු ශිකරෙට
නවතන්නයැයි හීනි දියදහර
නොඉපදෙනු පිණිස තව ගඟක්
නුඹ වගේ විඳවන..
සුන්දරයි
ReplyDeleteස්තුත්යි
Delete