පාදමෙන් වැඩ නැවතිච්ච ගෙදර
ඉතිරි වැඩටික නිමකරන්නට
කාසි අතමිට නැති නිසාවෙන් ඇය
සිතුවාය ණයක්වත් ගන්නට
ගොඩවැදී විමසුවා ඇය
ජනතාවගේ බැංකුවයි කී තැනකට
"නැද්ද මිස් පේ ස්ලිප් එකක් ළඟ?
කීයක් වෙනවද බේසික් නුඹට?"
ඇසුවාය බැංකුවේ ලඳ
පුයරන් තවරන් හිරට ඇඳගෙන
හිටියත් හැඩට මේ මම
නෑනේ ගන්නේ මාස පඩියක්
පැය ගානටයි යන්නෙ අපි මුදලට
ඉතිං කොයිද බේසික් අපිට?
ඉතිං කොයිද පේ ස්ලිප් අපිට?
සිනාසුනි ලඳ පුදුම වූ ලෙස
දෙන්න බැහැ ණය ස්ථීර නැති ඔබට..
අනේ නංගියේ උඹ දන්නෙ මගුලද?
ඇතිය හොඳහැටි බිස්නස් අපිට
ලෝකේ පෙරලුනත් අද හෙට..
මට එපා උඹේ ලොකු ණය
නොදුටුවා ලෙස වීදුරු කුටියට රිංගුව
නිතර හමුවෙන මනේජරුත් දැක
බැස්සාය ඇය පුරුදු මහ මගට..
හමුවුණි පන ඇති සැකිල්ලක් මග
පන නැතත් මොක කාසිවේනම් අත?
පැයක් ගතවුණ පුරුදු විගඩම, නිමාවුන තැන
ඇත හැරිය ඌ මොණර කොළයක්
දහඩියෙන් තෙත් වුන ඇගේ කය මතට
ගුලි කරන් එය අල්ල මත තදටම
සිහින මැව්වා ඈ හැදෙන හැටි ගෙය
ගඩොලින් ගඩොල.. වරියෙන් වරිය..
සතයක්වත් ණය නොවී ලෝකෙට...
කවිය හරිම අගෙයි..... වැදගත් වෙන්නේ මේ චිනතනයයි. එය ඔබ තුළ මනාව ඇති බව පෙනී යනවා.
ReplyDeleteඅපූරු කවි පද ටික..
ReplyDelete