නුඹ කොහෙද, කාගේ කව්රුද
නොදන්නවා උනත් මේ ගෙවෙන නිමේශෙදී
විශ්වාසයි ඉර හඳ තරමටම
නුඹ ගෙවනවා ඇති නුඹේම ජීවිතයක්
මං වගේම, කාවෙනුවෙන් ඉපැදුනාද නොදැන...
මං වගේම උත්තර හොයන්න හදනවා ඇති,
ඉරණම අපෙන් හංඟන, අනාගතය ගැන
ඒත් නුදුරුම දවසක අපට අප මුණගැහේවි
එකට දිවිමග යන්න අත් වැල් බැඳේවි...
ඒත්, ඒ ගමන සුන්දරම නොවේවි
නුඹත් මමත් පතන තරමටම
නවතින්න හිතේවි.. ආපහු යන්න හිතේවි,
හති වැටේවි තවත් යන්නට බැරි තරමටම
ඒත් අපි පුරුදුවෙමු නොනැවතී දිගටම යන්න
තනියෙන් නොව අත් වැල් පටලගෙන....
අඬන්න වේවි නුඹට හිනා වෙන තරමටම
ඒත් කඳුලට වඩා එක අංශු මාත්‍රයක් හරි
සත්තයි හිනාව නුඹේ ළඟ තියේවි
පළිගමු අපි ඒ දවසට "ඉරණමෙන්"
අපිව පරක්කු කරපු වරදට
අපිම ලියාගමු වෙන්වෙන දවස, අපේ ජීවිතවල...
No comments:
Post a Comment