Friday, April 25, 2014
වෙරළක රැඳී හීන..
මටත් මහා හීන තිබ්බා
නිල් අහස අල්ලන්න නෙවෙයි..
දුර දියඹේ කිමිදෙන්නත් නෙවෙයි..
ඒත් හවසට බැහැල යන ඉර යටින්
මටම අයිති උන පුංචි අතක්
සුලැඟිල්ලකින් අල්ලාගෙන
වෙරළ දිග ඇවිදින්න
තනියෙන් ඇවිද්ද අතීතය ගැන
කනට කර මුමුනන්න
අර ඈත දිලිසෙන ගොඩනැගිලි ගැන,
ඇයි... වෙරල හැර යන සයුරු රළ ගැන,
මං දන්න දේ කියාදෙන්නට..
ඒත් තාමත් ඒවා හීන විතරමයි
නමුත් කවදාක හරි මුණගැහුන දවසක
කියාදෙන්න ගොඩක් දේ තියෙයි නුඹහට
හීන සුළඟට ගසා නොගියහොත් හෙට...
Photo - by me
Monday, April 21, 2014
දැලිපිහියෙන් කිරිකන උන්...
සයිබර් අවකාශයේ හොඳ, නරකින් වෙන් කරගෙන සමාජයට ඒ හොඳ බෙදීම නම්... උඩුගං බලායන ගමනේ තවත් එක සොඳුරු නැවතුම්පලක මතකසටහනක් මෙසේ ලියාතබන්නට සිතමි... මේ මිනිස්සු කව්ද?? නෑදෑයෝ?? යාළුවො??? .... නෑ උන්ගේ බැඳීම් ඊටත් වඩා හයියයි... උන් සහෝදරයෝ...
මීට මාස කිහිපයකට කලින් චන්දන එල්ලාවල අයියාගේ "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්රහය එලි දැක්වීමේදී චන්දන අයිය ලියුව සුන්දර වගේම ගැඹුරු තේරුමක් රැඳී වචන කිහිපයක් මගේ හිතේ තදින්ම සටහන් උනා.. "දැලි පිහියෙන් කිරි කන හැටි"... මේ ඉන්නේ ඒ වචන වලට ජීවය පිඹින දැලිපිහියෙන් කිරිකන උන්...
විවිද සමාජ මට්ටම්, වයස් මට්ටම්, මතිමතාන්තර දරන සියගානක් දෙනා එකට එකතුවී එකම අරමුණකින් දුර ගමනක් රැගෙන යනු පිණිස, මහත් වෙහෙසකින් හා කැපවීමකින් සයිබර් සිහින බක්මහ උළෙල සංවිධානය කල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හි සියලුම නිලධාරීන්ට හා සාමාජිකයින්ට මෙසේ ප්රණාමය පුදකරමි..
මීට මාස කිහිපයකට කලින් චන්දන එල්ලාවල අයියාගේ "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්රහය එලි දැක්වීමේදී චන්දන අයිය ලියුව සුන්දර වගේම ගැඹුරු තේරුමක් රැඳී වචන කිහිපයක් මගේ හිතේ තදින්ම සටහන් උනා.. "දැලි පිහියෙන් කිරි කන හැටි"... මේ ඉන්නේ ඒ වචන වලට ජීවය පිඹින දැලිපිහියෙන් කිරිකන උන්...
විවිද සමාජ මට්ටම්, වයස් මට්ටම්, මතිමතාන්තර දරන සියගානක් දෙනා එකට එකතුවී එකම අරමුණකින් දුර ගමනක් රැගෙන යනු පිණිස, මහත් වෙහෙසකින් හා කැපවීමකින් සයිබර් සිහින බක්මහ උළෙල සංවිධානය කල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හි සියලුම නිලධාරීන්ට හා සාමාජිකයින්ට මෙසේ ප්රණාමය පුදකරමි..
Monday, April 7, 2014
හති අරින බැඳීම්!!
මිනිසුන් එති, සිනා සෙති
ආගිය තොරතුරු
පුංචි පුංචි ඕප දූප
කන්වලට කොන්දුරති...
ඒ සිනාසුන ඒ කතාකල උන්ම
වරෙක අත් වැල් බැඳ ගනිති
අන්තයක් තරම් දුරයන්න
පුංචි බැඳීම් තවත් හයි වෙති...
පියවර දහයක් ගිය තැන
හති වැටෙති උන්
තවත් යන්නට බැරි ලෙසට
මන් තනති වෙන් වෙන්න...
නැවතුන කලට වල්මත්ව
ගව් සියක් දුර මගක මැද
සිනා සෙති උන් අනන්තයේ හිඳ
වෙන අතක වාරුගෙන...
ආගිය තොරතුරු
පුංචි පුංචි ඕප දූප
කන්වලට කොන්දුරති...
ඒ සිනාසුන ඒ කතාකල උන්ම
වරෙක අත් වැල් බැඳ ගනිති
අන්තයක් තරම් දුරයන්න
පුංචි බැඳීම් තවත් හයි වෙති...
පියවර දහයක් ගිය තැන
හති වැටෙති උන්
තවත් යන්නට බැරි ලෙසට
මන් තනති වෙන් වෙන්න...
නැවතුන කලට වල්මත්ව
ගව් සියක් දුර මගක මැද
සිනා සෙති උන් අනන්තයේ හිඳ
වෙන අතක වාරුගෙන...
Monday, March 17, 2014
හෙවණැල්ල...
කාගේවත් ලෝකෙක
හෙවනැල්ලක් වීම තරම්
පව්කාර කමක්
කාලකන්නි කමක්
තිබේදැයි අන් කවර?
නැවෙන නැවෙන අතට
හැරෙන හැරෙන අතට
ප්රශ්නයක් නොඅසාම
දෙපාරක් නොසිතාම
නැවෙති.. හැරවෙති... එය
අයදියි ගන අඳුර
යන්තමින්වත් සැනසෙන්න...
අඳුර හා මුසුව
ලෝකෙන්ම හැංගෙන්න
බලා හිඳී හෙවණැල්ල
හිරු අවර යනතෙක්ම...
Saturday, February 8, 2014
හැමදාම මතක තියේවි උඹව...
හරියට මං උඹව
උස්සන් යන්න හැදුවා වගේ,
හුස්මක් කටක් නොගෙන
එක දිගට කෑගහන හැටි...
ඔච්චර බයගුල්ලියෙක් කියල
යන්තම්වත් දැනන් උන්නනම්
සත්තමයි හිනා වෙන්නෙවත් නෑ මං...
උඹට නම් පාලු නැතිව ඇති
මට දැනෙන තරමටම,
ඒත් උඹේ වැඩ, පණ්ඩිත කතා ගොඩ
මතක්වෙද්දී හිතෙනවා දැන්
යන්න කියලා කිව්වේ ඇයි මම?
හැමදාම මතක තියේවි උඹව
පිස්සු බටු ඇටේ :) :) :)
උස්සන් යන්න හැදුවා වගේ,
හුස්මක් කටක් නොගෙන
එක දිගට කෑගහන හැටි...
ඔච්චර බයගුල්ලියෙක් කියල
යන්තම්වත් දැනන් උන්නනම්
සත්තමයි හිනා වෙන්නෙවත් නෑ මං...
උඹට නම් පාලු නැතිව ඇති
මට දැනෙන තරමටම,
ඒත් උඹේ වැඩ, පණ්ඩිත කතා ගොඩ
මතක්වෙද්දී හිතෙනවා දැන්
යන්න කියලා කිව්වේ ඇයි මම?
හැමදාම මතක තියේවි උඹව
පිස්සු බටු ඇටේ :) :) :)
Monday, February 3, 2014
මන් යන්නද??
මන් යනවා කියලවත්
කියා යන්නට වෙහෙස නොවූ
දහස් ගානක් උන් අතරේ....
මන් යන්නද? ඇසූ එකම කෙනා නුඹ....
අනික් උන් වගේම
දුර යන්න වගේ ඇවිදින්
මගින් හැරී ගියා තමයි,
ඒත් යන්න කලියෙන්
මන් යන්නද අහන්න තරම්
මනුස්සකමක්...
තෙතමනයක්...
උඹේ පුංචි හිතේ තිබුනා
ඒ අහිංසක කමට මං ආසයි
ඒක චපලබවේ ප්රභේධයක් නම්
මං චපල බවටත් ආදරෙයි
නුඹට තරම්ම...
Thursday, January 30, 2014
මාකටිං බේසික්ස්...
සාරිය... ගවුම...
කලවා... පයෝධර...
බටහිර මෝස්තර
උඩරට ඔසරිය
හැට හතර මායම්ද
අහිංසක බැල්මද
පතිවතද..වෛශයාවද...
එකී මෙකි නොකී
ගැහැණු ගැන හැම එකම
අහං උන්නාට මදි
හොඳට හිතට ගන්...
ඉති දරුවනේ අදට ඉවරයි
මාකටිං පාඩම...
කලවා... පයෝධර...
බටහිර මෝස්තර
උඩරට ඔසරිය
හැට හතර මායම්ද
අහිංසක බැල්මද
පතිවතද..වෛශයාවද...
එකී මෙකි නොකී
ගැහැණු ගැන හැම එකම
අහං උන්නාට මදි
හොඳට හිතට ගන්...
ඉති දරුවනේ අදට ඉවරයි
මාකටිං පාඩම...
Subscribe to:
Posts (Atom)


